කුරුළෑ

කුරුලෑ සදහා ප්‍රතිකාර කුරුලෑ වල තත්වය කොපමණ දරුණුදැයි යන්න මත රදා පවතී. කුරුලෑ වල රොග ලක්ෂණ සුව අතට හැරීමට ප්‍රතිකාර සදහා මාස ගණනක කාලයක් ගත විය හැක. ඔබගේ ඇත්තේ කුඩා ලප ප්‍රමානයක් නම් ඒ සදහා ඖෂදවේදියෙක් ගේ උපදෙස් මත බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු (සම මතු පිට ආලේපනය කරනා) ක්‍රීම් හෝ ජෙල් වර්ගයක් ප්‍රතිකාර ලෙස බාවිතා කළ හැක.

ඔබගේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර

ඔබගේ පවතින කුරුලෑ වල තත්වය මද වශයෙන් ප්‍රබල හෝ බරපතළ අතට හැරේ නම් සහ ලබාගත් සව්‍යං ප්‍රතිකාර ඵලදායී නොවේ නම් වෛද්‍යවරයකු නියම කරන ලද ඖෂධ සඳහා යොමු වීම වඩා සුදුසු වේ. කුරුලෑ ප්‍රතිකාර ලෙස වෛද්‍යවරයෙකු නියම කරන ලද බෙහෙත් වට්ටොරුවක පහත සඳහන් බෙහෙත් වර්ග ඇතුලත් විය හැක:

ඔබේ කුරුලෑ තත්වය ඉතා දරුණු නම් ඔබගේ වෛද්‍යවරයාට ඔබව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කල හැක. උදාහරණයක් ලෙස, ඔබට මෙම තත්වයන් ඇත්නම්:

  • ලප විශාල සංඛ්‍යාවක් ඔබේ මුහුනේ මෙන්ම, පපුවේ සහ පිටුපස ඇත්නම්
  • වේදනාකාරී ලප
  • කැලැල් ඇතිවීම, හෝ කැලැල් හට ගැනීමේ අවදානමක් තිබේ නම්

බරපතළ කුරුලෑ සඳහා ප්‍රථම ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ සහ සම මතුපිට ආලේපිත ආලේපන යන දෙකෙහි සංකලනයක් භාවිතා කරයි. මෙම ප්‍රතිකාරය ක්‍රියා නොකරයි නම් "අයිසොට්‍රෙටිනොයින් ඖෂධය" වෛද්‍යවරයා විසින් නිර්දේශ කල හැක. හෝර්මෝන ප්‍රතිකාර හෝ ඒකාබද්ධ මුඛ උපත් පාලන පෙති කන්තාවන්ගේ කුරුලෑ සඳහා ඵලදායී ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කල හැක. නමුත්, ප්‍රොජෙස්ට්‍රෝන් පෙති හෝ උපත් පාලන රෝපිත/implant මගින් කුරුලෑ තත්වය වඩාත් නරක අතට හැරවිය හැක. මෙම ප්‍රතිකාර ඵදායී වීම ආරම්භ වීම සඳහා බොහෝවිට මාස දෙක තුනක් ගත වේ. මෙහිදී, වහාම ක්‍රියාත්මක වන ප්‍රතිඵල නොලැබුනත් දිගින් දිගටම ප්‍රතිකාර ගැනීම සහ ඉවසිලිවන්ත වීම වැදගත් වේ.

සම මතුපිට ආලේපන ප්‍රතිකාර (ජෙල්, ක්‍රීම් සහ ලෝෂන්)

බෙන්සොයිල් පෙරොක්සයිඩ් බෙන්සොයිල් පෙරොක්සයිඩ් විශබීජ නාශක ලෙස ක්‍රියාකර සම මතුපිට ඇති බැක්ටීරියා අඩු කරයි. එමෙන්ම එය ලප අඩු කිරීමට උපකාරී වන අතර එහි ප්‍රතිප්‍රධාහ ඖෂධ බලපෑමක්ද ඇත. බෙන්සොයිල් පෙරොක්සයිඩ් සාමාන්‍යයෙන් ක්‍රීම් සහ ජෙල් වර්ග ලෙස ලබා ගත හැක. එය දිනකට වරක් හෝ දෙවරක් බාවිතා කරයි. කුරුලෑ වලින් ආසාදනයට ලක් වූ ඔබගේ මුහුන හෝ අනෙක් ශරීර කොටස් සේදීමෙන් විනාඩි 20 කින් පසුව මෙය ආලේපනය කල යුතුය. මෙය අරපිරිමැස්මෙන් බාවිතා කල යුතුය මන්ද යත් වැඩිපුර ආලේපනය කිරීම මගින් ඔබගේ සමට හානිකර ස්වාභාවයක් ඇතිවිය හැක. එමෙන්ම බෙන්සයිල් පෙරොක්සයිඩ් මගින් මුහුනේ සම ආලෝකයට ඇති සංවේදී බව වැඩි කල හැක, මෙය වැලැක්වීමට හිරු රශ්මිය සහ පාරජම්බුල කිරණ (UV) කිරණට නිරාවරණය වීම හැකිතාක් වැලැක්වීම හෝ සන් ක්‍රිම් ආලේපනය සුදුසු වේ. බෙන්සයිල් පෙරොක්සයිඩ් වල විරංජනකාරක ගුණය සතු බැවින්, ඔබගේ හිසකෙස් වල හෝ ඇදුම් වල තැවරීමට ඉඩ නොදෙන්න. බෙන්සයිල් පෙරොක්සයිඩ් බාවිතයේ ඇති විය හැකි සුලභ අතුරු ආබාධ:

  • සමේ වියළි සහ තද ගතිය
  • සමේ දැවිල්ල. කැසීම හෝ තරමක වේදනාකාරී සංවේදනයක් දැනීම
  • සම රතු පැහැ ගැනීම සහ සම ගැලවීම

අතුරු ආබාධ සාමාන්‍යයෙන් තද බල ලෙස හානිකර නොවන අතර ප්‍රතිකාර අවසන් වූ විට වියැකී යයි. බොහෝ පුද්ගලයන්ට තමන්ගේ කුරුලෑ වලින් බහුතරයක් ඉවත් කර ගැනීමට සති 6ක කාලයක් ප්‍රතිකාර කල යුතුය. කුරුලෑ නැවත හට ගැනීම වැලැක්විවීමට ටින් විට ප්‍රතිකාර ගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් ලැබිය හැක. සම මත අලේපිත රෙටිනොයිඩ්ස් මේවා සම මත ඇති මළ සෛල ඉවත් කරමින් ඒවා රෝම කූප අග්‍ර වල එකතු වීම වලක්වයි. කුරුලෑ ප්‍රතිකාර සඳහා ට්‍රෙටිනොයින් සහ ඇඩපලේන් යන රෙටිනොයිඩ්ස් බාවිතා කරයි. මේවා ජෙල් හා ක්‍රීම් ලෙස ලබාගත හැකි අතර සාමාන්‍යයෙන් දිනකට එක් වරක් නින්දට පෙර ආලේපනය කරයි. මුහුන සේදිමෙන් විනාඩි 20 කින් පසුව මුහුනේ කුරුලෑ ඇති තැන් වල ආලේපනය කරන්න. කුඩා ප්‍රමාන වලින් රෙටිනොයිඩ්ස් සම මත ආලේපනය කිරීම සහ වැඩිපුර පාරජම්බුල කිරණ සහ සූර්යාලෝකයට සම නිරාවරණය වීමෙන් වැලකීම වැදගත්වේ. උපත් සංකූලතා ඇති දරුවන් බිහිවිය හැකි අවදානමක් ඇති බැවින් ගර්බනී සමයේදී රෙටිනොයිඩ්ස් ආලේපන බාවිතය සුදුසු නොවේ. සම මත ආලේපනය කරන රෙටිනොයිඩ්ස් බාවිතයේ වඩාත් සුලබම අතුරු ආබාධ ලෙස ස්වල්ප වශයෙන් ඇති වන සමේ නොරුස්සන ස්වබාවය සහ සුලු වේදනාකාරී තත්වය දැක්විය හැක. සති 6ක ප්‍රතිකාර කාලයක් සාමාන්‍යයෙන් අවශ්‍ය වන නමුත් සුළු වශයෙන්ඔ බට ප්‍රතිකාර දිගටම කරගෙන යාමට උපදෙස් ලැබිය හැක. සම මත අලේපිත ප්‍රතිජීවක ඖෂධ මේවා සම මත, රෝම කූප වලට ඇලී ඇති අසාදනය විය හැකි බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වේ. මේවා ජෙල් හා ක්‍රීම් වශයෙන් ලබා ගත හැකි අතර දිනකට වරක් හෝ දෙවරක් ආලේපනය සුදුසුයි. සාමාන්‍යයෙන් සති 6-8ත් අතර කාලයක් භාවිතය සුදුසු වේ. මින් අනතුරුව, මුහුනේ ඇති බැක්ටීරියා ප්‍රතිජීවක ප්‍රතිරෝධී විය හැකි බැවින් ප්‍රතිකාර නවත්වනු ලැබේ. එසේ වුවහොත් ඔබගේ කුරුලැ තත්වය වඩා නරක අතට හැරිය හැකි අතරම අමතර ආසදාන ඇතිවීමේ අවදානමක් ඇත. මෙහි අතුරු ආබාධ දුලබ නමුත් පහත දේ ඇති විය හැක:

  • සමේ සුළු කැසීමක් වැනි ස්වභාවයක්
  • සමේ රතු වීමක් හෝ සමේ දැවිල්ලක්
  • සම ගැලවීම

ඇස්ලෙයික් ඇසිඩ්(Azelaic acid) බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl peroxide) හෝ රෙටිනොයිඩ්ස් (retinoids) භාවිතයේදී අතුරු අබාධ ලෙස ඇති වන තරමක වේදනාකාරී ස්වභාවය නිසාවෙන් ඊට විකල්පයක් ලෙස ඇස්ලෙයික් ඇසිඩ් (Azelaic acid) කුරුලෑ සඳහා භාවිතා කරයි. ඇස්ලෙයික් ඇසිඩ්, සමේ ඇති මැරුණු සම සහ බැක්ටීරියා විනාශ කිරීම මගින් ක්‍රියාකරයි. සාමාන්‍යයෙන් මේවා ක්‍රීම් හා ජෙල් වශයෙන් ඇති අතර දිනකට දෙවරක් ආලේපනය කරයි (සමහර අවස්තාවන් හිදී සමේ ස්වභාවය වඩා සංවේදී නම් දිනකට එක වරක් පමනක් භාවිතා කරයි). මෙම ඖෂධය ඔබගේ සම සූර්යාලෝකයට සංවේදී නොකරන බැවින් හිරු එලියට නිරාවරණය වීම ගැටලුවක් නොවේ. කුරුලෑ සුව වීම ආරම්භ වීමට ඔබට අවම වශයෙන් ඇස්ලෙයික් ඇසිඩ් මාසයක් වත් භාවිතා කල යුතු වේ. ඇස්ලෙයික් ඇසිඩ් වල අතුරු ආබාධ ඉතා සුළු තත්වයේ වන අතර පහත පරිදි වේ:

  • සමේ ඇතිවන දැවිල්ල හෝ වේදනාකාරී තත්වය
  • කැසීම
  • සමේ වියළි ස්වභාවය
  • සම රතු පැහැ ගැන්වීම

ප්‍රතිජීවක ඖෂධ පෙති

බරපතල කුරුලෑ සඳහා ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ පෙති සහ ආලේපන යන සංකලනය භාවිතා කරයි. ගර්භනි අවස්තා වේදී හෝ කිරි දෙන මව්වරුන්ට හැරුන කොට, අනෙකුත් අවස්තා වලදී ප්‍රතිජීවක වර්ගයක් වන ටෙට්‍රාසයික්ලීන් (tetracycline) ඖෂධය නියම කරයි. කිරි දෙන මව්වරු සහ ගර්භනී කාන්තාවන්ට ආරක්‍ෂිත ප්‍රතිජීවක ඖෂධයක් ලෙස එරිත්‍රෝමයිසීන්(erythromycin) භාවිතයට උපදෙස් දෙනු ලබයි. ඔබගේ කුරුලෑ සුව වීමේ ලක්ෂණ පෙන්වීමට සාමාන්‍යයෙන් සති 6ක පමන කාලයක් ගතවේ. කොතරම් හොදින් ඔබ ප්‍රතිකාර සදහා ප්‍රතිචාර දක්වයිද යන්න මත, මුඛ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරය මාස 4 සිට 6 දක්වා කාලයක් දක්වා දිගු විය හැක. ටෙට්‍රාසයික්ලින් ( tetracycline) නිසා ඔබගේ සම සූර්යාලෝකයට සහ පාරජම්බුල කිරණ වලට සංවේදී කල හැකි අතර මුල් සති කිහිපය තුල උපත් පාලන පෙති වල ඵලදායීබව අඩු කල හැක. එම නිසා මෙම කාලය තුල උපත් පාලන කොපු වැනි විකල්ප උපත් පාලන ක්‍රම භාවිතය සුදුසු වේ.

හෝර්මෝන ප්‍රතිකාර

මෙම ප්‍රතිකාර කුරුලෑ සහිත කාන්තාවන්ට වඩා ප්‍රතිපල දායක වේ, විශ්ෂයෙන්ම ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාලයේ ඇති වන කුරුලෑ හෝ ඩිම්භ කෝශ තුළ ගැටිති ඇතිවීම හා ඇති වන හෝර්මෝන අසමතුළිතතාවයන් සඳහා වඩාත් ප්‍රතිපලදායාක වේ. ඔබ දැනටමත් උපත් පාලන පෙති භාවිතා නොකරයි හෝ ලිංගිකව ක්‍රියාත්මක නොවූවත් ඔබගේ වෛද්‍යවරයා මුඛ උපත් පාලන පෙති සංකලන ප්‍රතිකාර නියම කළ හැක. මෙම පෙති සංකලනය කාන්තාවන්ගේ කුරුලෑ සුව කිරීමට සාමාන්‍යයෙන් හොද ප්‍රතිඵල පෙන්වන නමුත් සම්පූර්ණ ප්‍රතිපල පෙන්වීම සඳහා වසරක පමණ කාලයක් ගත වේ. සම-සයිප්‍රින්ඩියෝල්(co-cyprindiol) සම-සයිප්‍රින්ඩියෝල් යනු ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිචාර නොදක්වන බරපතල තත්වයේ කුරුලෑ සඳහා යොදා ගනු ලබන හෝර්මෝන ප්‍රතිකාරයකි. මෙය සීබම් තරලය නිශ්පාදනය අඩු කිරීමට උපකාරී වේ. ඔබට සමහර විට සම-සයිප්‍රින්ඩියෝල් වල සැලකිය යුතු ප්‍රතිඵල දැකීමට මාස 2ත් 6ත් අතර කාලයක් ගතවනු ඇත. මෙහිදී පසුකාලීනව කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ කුඩා අවධානමක් ඇත. උදාහරණයක් ලෙස, කාන්තාවන් 10,000 ගෙන් සැදුම්ලත් සම-සයිප්‍රින්ඩියෝල් භාවිතා නොකරන ලද කණ්ඩායමකින්, 16 දෙනෙකුට වයස 35 න් පසුව පියයුරු පිළිකා වැළඳීමට හැක. අවම වශයෙන් වසර 5 ක් වත් සම-සයිප්‍රින්ඩියෝල් භාවිතා කරන ලද වයස අවුරුදු 17 ත් 18 ත් අතර අවුරුදු 20 පෙර අවදියේ පසු වන කාන්තාවන්ගේ මෙම සංඛ්‍යාව ඉහලයා හැක. එමෙන්ම සම-සයිප්‍රින්ඩියෝල් භාවිතයෙන් රුධිර කැටි ඇතිවීමේ ඉතා කුඩා අවධානමක්ද ඇත. මෙම අවධානම ඕනෑම වසරක 1 ත් 2,500 ත් අතර සංඛ්‍යාවක් ලෙස තක්සේරු කර ඇත. ඔබ ගර්භනි හෝ මව් කිරි දෙන මවක් නම් සම-සයිප්‍රින්ඩියෝල් භාවිතය ආරක්ෂාකාරී නොවේ. කාන්තාවන් සඳහා සමහර විට ප්‍රතිකාර ආරම්භයට පෙර ගර්භනී පරීක්ෂාවක් කර ගැනීමට සිදු වනු ඇත. සම-සයිප්‍රින්ඩියෝල් හි අනෙකුත් අතුරු ආබාධ පහත දැක්වේ:

  • ඔසප්චක්‍ර අතර තුර ලේ වහනය සහ කුඩා ප්‍රමාණයෙන් ලේ වහනය වීම් සමහර විට මුල් මාස කිහිපය තුල දැකිය හැක
  • හිසරදය
  • පියයුරු වල වේදනාව
  • මනෝභාවයේ වෙනස්කම් ඇතිවීම
  • ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති කැමැත්ත අඩු වීම
  • ශරීරයේ බර වැඩි වීම හෝ බර අඩු වීම

අයිසොට්‍රෙටිනොයින්(isotretinoin)

අයිසොට්‍රෙටිනොයින් වල ප්‍රයෝජනවත් බලපෑම් ගණනාවක් ඇත:

  • මෙමගින් සමෙහි නිශ්පාදිත සීබම් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට ගෙන ඒමටත් වැඩිපුර නිශ්පාදිත සීබම් අඩු කිරීමටත් උපකාරී වේ
  • එමෙන්ම මේව රෝම කූප අග්‍ර වල සීබම් සිර වීමද වලක්වයි.,
  • සම මතුපිට ඇති බැක්ටීරියා ප්‍රමාණය අඩු කරයි
  • ලප ආශ්‍රිතව ඇති රතු වීම සහ ඉදිමීම අඩු කරයි

නමුත් මෙම ඖෂධය බොහෝ විශාල පරාසයක අතුරු ප්‍රතිඵල ඇති කළ හැකිය. අනෙකුත් ප්‍රතිකාර මගින් සුවයක් නොලැබේ නම් පමණක් දරුණු ගණයේ කුරුලෑ සඳහා මෙම ප්‍රතිකාරය සඳහා යොමු වීමට උපදෙස් දෙනු ලැබේ. අයිසොට්‍රෙටිනොයින් ඖෂධයේ ඇති අතුරු ආබාධ වල අවධානම නිසාවෙන් මෙය නිර්දේශ කළ හැක්කේ විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරයෙක්ට හෝ චර්ම රෝග විශේෂඥවරයකුට පමණි. අයිසොට්‍රෙටිනොයින් පෙති වශයෙන්ද ලබා ගනී. බොහෝ පුද්ගළයන් මාස 4 සිට 6 දක්වා කාලයක් මෙය භාවිතා කරයි. දින 7ක් 10ක් පමන මෙම ප්‍රතිකාරය ගන්නා විට ඔබේ කුරුලෑ වල තත්වය නරක අතට හැරිය හැකි වුවද, එය ටික දිනකින් සාමාන්‍ය අතට හැරේ. අයිසොට්‍රෙටිනොයින් වල පොදු අතුරු ආබාධ:

අයිසොට්‍රෙටිනොයින් වල දුර්ලභ අතුරු ආබාධ:

මෙම දුර්ලභ අතුරු ආබාධ නිසා ඔබට ප්‍රතිකාර ගැනීමට පෙර මෙන්ම ප්‍රතිකාර ගන්නා අතරතුර රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීමට සිදු වේ. අයිසොට්‍රෙටිනොයින් සහ උපත් සංකූලතා අයිසොට්‍රෙටිනොයින් නූපන් දරුවන්හට හානි කරයි. ඔබ දරුවන් සැදීමට බලාපොරොත්තුවන වයසේ කාන්තාවක් නම්:

  • ඔබ ගර්භණී හෝ ගර්භනී බව සිතනවා නම් අයිසොට්‍රෙටිනොයින් බාවිතා නොකරන්න
  • ප්‍රතිකාර ගැනීමට මාසයකට පෙර එක් උපත් පාලන ක්‍රමයක් හෝ දෙකක් භාවිතා කරන්න, ක්‍රම දෙකක් භාවිතය වඩාත් සුදුසු වන අතර ප්‍රතිකාර ගැනීමේ කාලය තුල සහ ප්‍රතිකාර ගැනීමෙන් පසුව මාසයක් ගත වන තුරු උපත් පාලන ක්‍රම භාවිතා කරන්න
  • ප්‍රතිකාර ගැනීමට පෙර, අතරතුර සහ පසුව ගර්භණී පරීක්ෂාවක් සිදු කරගන්න

ඔබ ලිංගිකව ක්‍රියාකාරී නොවූවත්, උපත් සංකූලතා ඇති වීමේ අවදානම පිලිබඳ තමා දැනුවත් බවට සහ උපත් පාලනය කිරීමට එකඟ වන බවට තහවුරු කරමින් ඔබට ආකෘති අත්‍රයකට අත්සන් කිරීමට සිදු වේ. අයිසොට්‍රෙටිනොයින් භාවිතා කරන අතරතුර ඔබ ගර්භණී වූයේ යැයි ඔබ සැක කරයි නම් වහාම ඔබගේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයාව හමුවන්න. එමෙන්ම මව්කිරි දීමේදීද අයිසොට්‍රෙටිනොයින් භාවිතය සුදුසු නොවේ. අයිසොට්‍රෙටිනොයින් සහ මනෝභාවයේ සිදුවන වෙනස්කම් අයිසොට්‍රෙටිනොයින් ගන්නා අතරතුර මනෝභාවයේ (මූඩ්) වෙනස්කම් වන බව වාර්තා වී ඇත. නමුත් එම මනෝභාවයේ සිදුවන වෙනස්කම් අයිසොට්‍රෙටිනොයින් ඖෂධ නිසා සිදුවන බවට සාක්ෂි නොමැත. නමුත්, ආරක්ෂිත පියවරක් ලෙස, ඔබට ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙන හෝ කනස්සලු, හෝ ඔබ හැඟීම් ආක්‍රමනකාරී වීම හෝ සියදිවි නසාගැනීමට සිතේ නම් වහාම ඔබේ වෛද්‍යවරයාව සම්බන්ධ කරගන්න.

ඖෂධමය නොවන ප්‍රතිකාර

බොහෝමයක් කුරුලෑ ප්‍රතිකාර සඳහා ඖෂධ සම්බන්ධ නොවේ. ඒවා නම්:

  • කොමඩෝන් නිස්සාරකය- බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට යොදාගත හැකි පෑනක හැඩය ගත් කුඩා උපකරණයකි
  • රසායනික පීල්ස් - සම ඉවත් කර නව සමට මතු වීමට ඉඩ දෙන මුහුනේ ආලේපනය කරනා රසායනික සංයෝගයකි
  • ෆොටෝ ඩයිනමික් චිකිත්සාව(photodynamic therapy )- කුරුලෑ වල රෝග ලක්ෂණ සුව කිරීමේ අරමුණින් ආලෝකය උපකාරයෙන් කරනු ලබන චිකිත්සාවකි

නමුත් මෙම ප්‍රතිකාර ප්‍රතිඵලදායක නොවිය හැකි අතර පුරුද්දක් ලෙස කරගෙන යාමට නිර්දේශ කල නොහැක. කුරුලෑ සහ දන්තාලේප දන්තාලේප මගින් තනි කුරුලෑ ලප වියලීමට ලක් කල හැකි බව බොහෝ වෙබ් පිටු වල සඳහන් වනු දක්නට ලැබේ. නමුත් දන්තාලේප වල කිසිදු ප්‍රතිජීවක ද්‍රව්‍යයක් අඩංගු නොවනමුත් එහි සමට හානිදායක ද්‍රව්‍යයන් අන්තර්ගත වේ. මේ නිසා දන්තාලේප භාවිතය නිර්දේශ නොකරයි. ඊට වඩා ඵලදායී සහ ආරක්ශාකාරි ප්‍රතිකාර ක්‍රම ඖෂධවෙදීන්ගෙන් සහ ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබා ගත හැක.